Monday, 10 February 2025

මගේ හිතේ තියෙන ආදරේ

 සුදු මැණික... මෙහෙම මන් කිසිම ගැහැණු කෙනෙක්ට කියල නම් නෑ... මොකද ඇඟට නිකන් කිති වගේ ඒ වචනේ.. එත් නුඹ දැක්කම මට එහෙම ඉබේටම කියවෙනවා... අනේ මැණික මන් ඔයාට ගොඩක් කරදර කරනවා නේද.. මන් දන්නවා මම නිසා ඔයාට ලොකු මානසික පීඩනයක් කියල... ඔයත් ගොඩක් පවු.. එකට මට සමාවෙන්න.. අනේ ඔයාගේ සිතට සුවයක්ම ලැබේවා...

ඔයාට ඕන උදවුවක් ඕන වෙලාවක මට කියන්න.. එක රෑ ද දවල්ද කියල අදාළ නෑ.. මට කරන්න පුළුවන් ඕන දෙයක් මන් ඔයා වෙනුවෙන් කරනවා... එකට මන් ඔයාගේ කවුද කියල නම් හිතන්න එපා.. ඔයාට ඇති වෙන්න පුළුවන් ඕනෑම තැනක ඕනෑම හදිසි අවස්ථාවක මන් පැය 2 කත් 5 ත් අතර ඔයා වෙනුවෙන් එනවා.. හිතන්න ඔයාගෙම ශක්තියක් ඔයාගෙන් ඈතින් ඉඳන් ඔයාගේ අවසරය ලැබූ පමණින් ඔයාගේ පිහිටට එනවා කියලා...

මේ නුඹ වෙනුවෙන් දෙන මගේ කැපවීමේ සහතිකය නුඹේ හිතේ කොතැනක හරි සඟවලා තියාගන්න... මේ වචන නිකන් කියන්නම් වාලේ කියන ඒවා නෙමෙයි...

මේ කිසිම දෙයක මන් නුඹගෙන් අඩුම තරමින් ස්පර් ශය වත්, නැවත ප්රති උපකරයක්වත්, වෙනයම් උවමනවක්වත් බලාපොරොත්තු වන්නේ නැත... ඇති එකම සතුට නම් නුඹව දැකීම නුඹගේ හඬ ඇසීම නුඹ සතුටින් සිටීම දැකීම පමණමයි... මන්ද මේ සියල්ලන්ගෙන්ම මට දැනෙන සතුට අප්රමානයි... මගේ සිතට නුඹ දැකීම කියන්න බැරිතරම් සිසිලසක් ගෙනදෙනවා... සාමාන්යෙන් ගැහැණු කෙනෙක් දකිද්දී පිරිමි සිතක් ගිනියම් වෙනවා.. එත් නුඹ දකිද්දී ඇයි එහෙම වෙන්නේ කියල නම් මන් දන්නේ නෑ...

මේ පොස්ට් ඔයා කියවා තේරුම් ගැනීම පමණක් ප්රමාණවත්.... වෙනත් ප්රතිචාර නම් එපා.. සුදු මැණික ඔයාට හදවතින්ම බුදු සරණයි...

 

Share:

0 comments:

Post a Comment

Search This Blog

Blog Archive

Powered by Blogger.

මන් නුඹට පට්ටම ආදරෙයි..

  සුදු මණික මන් නුඹට මගේ පාළුව මකා ගන්න කතා කරනවා නම් නෙමෙයි... අනිත් අය ගානට මාව දන්නා එක හරි නෑ නේද... ඔයාට මතකද ඔයා duty ගිහින් දිනක් රැ ...