Monday, 10 February 2025

මන් නුඹට පට්ටම ආදරෙයි..

 සුදු මණික මන් නුඹට මගේ පාළුව මකා ගන්න කතා කරනවා නම් නෙමෙයි... අනිත් අය ගානට මාව දන්නා එක හරි නෑ නේද... ඔයාට මතකද ඔයා duty ගිහින් දිනක් රැ වෙලා ගෙදර ගිය දවස.. ඔයා එදා ගොඩක් බයවෙලා හිටියේ.. මට call එකක් අරන් ඔයා කිවුව අයියේ මන් මෙතන ඉඳන් ගෙදරට පයින් යන්න ඕන ඔයා call එකේ ඉන්න පුලුවන්ද කියල... ඒ පාර කොයිතරම් පාලුවට ගිය පාරක්ද කියල මන් පස්සේ දැනගත්ත.. ඔයා ඉක්මනට ගෙදරට දුවගෙන ගෙදරට ගියේ මගේ පපුවත් උණු කරවමින්... අනේ දෙවියනේ මේ කෙල්ලට මොකුත් වෙන්න එපා කියමින් මන් දෙවියන්ගෙන් අයදුවා... ඒ අවස්ථාව මට වචනෙන් කියන්න බැ... මට මගේ ජීවිතේ අරන් දුවනවා වගේ දැනුනේ...

මන් හරි අසයි ඔයා ඔයාගේ ඔයා ඔයාගේ පවුල තුල සතුටින් ඉන්නවා දකින්න... ඔයාට special වෙන්න ඕන ඔයාගේ පවුලේ අය විතරයි... කොටින්ම මමවත් විශේෂ කරගන්න ඕන නෑ... පිටින් පාලු මකාගන්න එන අයට ගොඩක් නම් කාලය කැප කරන්න එපා... මැණික... මට එහෙම කියන්න කිසිම අයිතියක් නෑ කියල මන් දන්නවා...

සුදු මැණික ඔයා ඇතුලේ පට්ට ශක්තියක් තියෙනවා.. ඒ ශක්තියට ඕන කෙනෙක් ආකර්ෂණය වෙන්න පුළුවන්... ඒ ශක්තිය bridge වෙන්නේ ඔයාගේ ඇස් දෙකෙන්.. ඕන කෙනෙක් ඔයාගේ දිහා බලනවා... ඔයත් ඒ බලන ඇස් දෙක දිහා බැලුවොත් විතරයි ඒ bridge එක හැදෙන්නේ... ඔයාට ඔයාව පාලනය කරගන්න පුළුවන් නම් මගේ සතුට එක...

ඕනෑම ප්රතික්රියාවක් සිද්ද වෙන්න සංගටක හෝ මොනයම් දේවල් අවම 2ක් ඕන... ඒ දේවල් දෙක ස්වභාව ධර්මයෙන් වෙන් කරලයි තියෙන්නේ... මගේ හිත පුරවන නිවන ශක්තියක් නුඹගේ හිත ඇතුලේ තියෙනවා... මන් එහෙම පට්ටම ශක්තියක් වෙන කෙල්ලෙක්ගෙ තුලින් දැකලම නෑ... භාවනා කරන අයත් දැක්කා එත් ඔයාගේ වගේ මාව නිවන උත්ප්රරකයක් දැක්කමයි... අනේ මැණික මට ඔයාගේ හිතත් එක්ක සම්බන්ද තාවය තියාගත්තම ඇති... අනේ මන්ද ඔයාට මේ පිස්සු කතා තේරෙනවද මන්දා...
අනේ මාවත් ඔයා හිතන් ඉන්න ගොඩට දාන්න නම් එපා... මන් නුඹට පට්ටම ආදරෙයි... මට ඕන නුබව නුඹගේ පවුල තුල ආරක්ෂා කරගන්නා රැකවලා වගේ ඉන්න...
බුදු සරණයි...
Share:

0 comments:

Post a Comment

Search This Blog

Blog Archive

Powered by Blogger.

මන් නුඹට පට්ටම ආදරෙයි..

  සුදු මණික මන් නුඹට මගේ පාළුව මකා ගන්න කතා කරනවා නම් නෙමෙයි... අනිත් අය ගානට මාව දන්නා එක හරි නෑ නේද... ඔයාට මතකද ඔයා duty ගිහින් දිනක් රැ ...