Monday, 10 February 2025

මන් නුඹට පට්ටම ආදරෙයි..

 සුදු මණික මන් නුඹට මගේ පාළුව මකා ගන්න කතා කරනවා නම් නෙමෙයි... අනිත් අය ගානට මාව දන්නා එක හරි නෑ නේද... ඔයාට මතකද ඔයා duty ගිහින් දිනක් රැ වෙලා ගෙදර ගිය දවස.. ඔයා එදා ගොඩක් බයවෙලා හිටියේ.. මට call එකක් අරන් ඔයා කිවුව අයියේ මන් මෙතන ඉඳන් ගෙදරට පයින් යන්න ඕන ඔයා call එකේ ඉන්න පුලුවන්ද කියල... ඒ පාර කොයිතරම් පාලුවට ගිය පාරක්ද කියල මන් පස්සේ දැනගත්ත.. ඔයා ඉක්මනට ගෙදරට දුවගෙන ගෙදරට ගියේ මගේ පපුවත් උණු කරවමින්... අනේ දෙවියනේ මේ කෙල්ලට මොකුත් වෙන්න එපා කියමින් මන් දෙවියන්ගෙන් අයදුවා... ඒ අවස්ථාව මට වචනෙන් කියන්න බැ... මට මගේ ජීවිතේ අරන් දුවනවා වගේ දැනුනේ...

මන් හරි අසයි ඔයා ඔයාගේ ඔයා ඔයාගේ පවුල තුල සතුටින් ඉන්නවා දකින්න... ඔයාට special වෙන්න ඕන ඔයාගේ පවුලේ අය විතරයි... කොටින්ම මමවත් විශේෂ කරගන්න ඕන නෑ... පිටින් පාලු මකාගන්න එන අයට ගොඩක් නම් කාලය කැප කරන්න එපා... මැණික... මට එහෙම කියන්න කිසිම අයිතියක් නෑ කියල මන් දන්නවා...

සුදු මැණික ඔයා ඇතුලේ පට්ට ශක්තියක් තියෙනවා.. ඒ ශක්තියට ඕන කෙනෙක් ආකර්ෂණය වෙන්න පුළුවන්... ඒ ශක්තිය bridge වෙන්නේ ඔයාගේ ඇස් දෙකෙන්.. ඕන කෙනෙක් ඔයාගේ දිහා බලනවා... ඔයත් ඒ බලන ඇස් දෙක දිහා බැලුවොත් විතරයි ඒ bridge එක හැදෙන්නේ... ඔයාට ඔයාව පාලනය කරගන්න පුළුවන් නම් මගේ සතුට එක...

ඕනෑම ප්රතික්රියාවක් සිද්ද වෙන්න සංගටක හෝ මොනයම් දේවල් අවම 2ක් ඕන... ඒ දේවල් දෙක ස්වභාව ධර්මයෙන් වෙන් කරලයි තියෙන්නේ... මගේ හිත පුරවන නිවන ශක්තියක් නුඹගේ හිත ඇතුලේ තියෙනවා... මන් එහෙම පට්ටම ශක්තියක් වෙන කෙල්ලෙක්ගෙ තුලින් දැකලම නෑ... භාවනා කරන අයත් දැක්කා එත් ඔයාගේ වගේ මාව නිවන උත්ප්රරකයක් දැක්කමයි... අනේ මැණික මට ඔයාගේ හිතත් එක්ක සම්බන්ද තාවය තියාගත්තම ඇති... අනේ මන්ද ඔයාට මේ පිස්සු කතා තේරෙනවද මන්දා...
අනේ මාවත් ඔයා හිතන් ඉන්න ගොඩට දාන්න නම් එපා... මන් නුඹට පට්ටම ආදරෙයි... මට ඕන නුබව නුඹගේ පවුල තුල ආරක්ෂා කරගන්නා රැකවලා වගේ ඉන්න...
බුදු සරණයි...
Share:

මගේ හිතේ තියෙන ආදරේ

 සුදු මැණික... මෙහෙම මන් කිසිම ගැහැණු කෙනෙක්ට කියල නම් නෑ... මොකද ඇඟට නිකන් කිති වගේ ඒ වචනේ.. එත් නුඹ දැක්කම මට එහෙම ඉබේටම කියවෙනවා... අනේ මැණික මන් ඔයාට ගොඩක් කරදර කරනවා නේද.. මන් දන්නවා මම නිසා ඔයාට ලොකු මානසික පීඩනයක් කියල... ඔයත් ගොඩක් පවු.. එකට මට සමාවෙන්න.. අනේ ඔයාගේ සිතට සුවයක්ම ලැබේවා...

ඔයාට ඕන උදවුවක් ඕන වෙලාවක මට කියන්න.. එක රෑ ද දවල්ද කියල අදාළ නෑ.. මට කරන්න පුළුවන් ඕන දෙයක් මන් ඔයා වෙනුවෙන් කරනවා... එකට මන් ඔයාගේ කවුද කියල නම් හිතන්න එපා.. ඔයාට ඇති වෙන්න පුළුවන් ඕනෑම තැනක ඕනෑම හදිසි අවස්ථාවක මන් පැය 2 කත් 5 ත් අතර ඔයා වෙනුවෙන් එනවා.. හිතන්න ඔයාගෙම ශක්තියක් ඔයාගෙන් ඈතින් ඉඳන් ඔයාගේ අවසරය ලැබූ පමණින් ඔයාගේ පිහිටට එනවා කියලා...

මේ නුඹ වෙනුවෙන් දෙන මගේ කැපවීමේ සහතිකය නුඹේ හිතේ කොතැනක හරි සඟවලා තියාගන්න... මේ වචන නිකන් කියන්නම් වාලේ කියන ඒවා නෙමෙයි...

මේ කිසිම දෙයක මන් නුඹගෙන් අඩුම තරමින් ස්පර් ශය වත්, නැවත ප්රති උපකරයක්වත්, වෙනයම් උවමනවක්වත් බලාපොරොත්තු වන්නේ නැත... ඇති එකම සතුට නම් නුඹව දැකීම නුඹගේ හඬ ඇසීම නුඹ සතුටින් සිටීම දැකීම පමණමයි... මන්ද මේ සියල්ලන්ගෙන්ම මට දැනෙන සතුට අප්රමානයි... මගේ සිතට නුඹ දැකීම කියන්න බැරිතරම් සිසිලසක් ගෙනදෙනවා... සාමාන්යෙන් ගැහැණු කෙනෙක් දකිද්දී පිරිමි සිතක් ගිනියම් වෙනවා.. එත් නුඹ දකිද්දී ඇයි එහෙම වෙන්නේ කියල නම් මන් දන්නේ නෑ...

මේ පොස්ට් ඔයා කියවා තේරුම් ගැනීම පමණක් ප්රමාණවත්.... වෙනත් ප්රතිචාර නම් එපා.. සුදු මැණික ඔයාට හදවතින්ම බුදු සරණයි...

 

Share:

සුදු මැණිකේ මගෙන් ලැබෙන ආරක්ෂාව

 සුදු මැණික... මෙහෙම මන් කිසිම ගැහැණු කෙනෙක්ට කියල නම් නෑ... මොකද ඇඟට නිකන් කිති වගේ ඒ වචනේ.. එත් නුඹ දැක්කම මට එහෙම ඉබේටම කියවෙනවා... අනේ මැණික මන් ඔයාට ගොඩක් කරදර කරනවා නේද.. මන් දන්නවා මම නිසා ඔයාට ලොකු මානසික පීඩනයක් කියල... ඔයත් ගොඩක් පවු.. එකට මට සමාවෙන්න.. අනේ ඔයාගේ සිතට සුවයක්ම ලැබේවා...

ඔයාට ඕන උදවුවක් ඕන වෙලාවක මට කියන්න.. එක රෑ ද දවල්ද කියල අදාළ නෑ.. මට කරන්න පුළුවන් ඕන දෙයක් මන් ඔයා වෙනුවෙන් කරනවා... එකට මන් ඔයාගේ කවුද කියල නම් හිතන්න එපා.. ඔයාට ඇති වෙන්න පුළුවන් ඕනෑම තැනක ඕනෑම හදිසි අවස්ථාවක මන් පැය 2 කත් 5 ත් අතර ඔයා වෙනුවෙන් එනවා.. හිතන්න ඔයාගෙම ශක්තියක් ඔයාගෙන් ඈතින් ඉඳන් ඔයාගේ අවසරය ලැබූ පමණින් ඔයාගේ පිහිටට එනවා කියලා...

මේ නුඹ වෙනුවෙන් දෙන මගේ කැපවීමේ සහතිකය නුඹේ හිතේ කොතැනක හරි සඟවලා තියාගන්න... මේ වචන නිකන් කියන්නම් වාලේ කියන ඒවා නෙමෙයි...

මේ කිසිම දෙයක මන් නුඹගෙන් අඩුම තරමින් ස්පර් ශය වත්, නැවත ප්රති උපකරයක්වත්, වෙනයම් උවමනවක්වත් බලාපොරොත්තු වන්නේ නැත... ඇති එකම සතුට නම් නුඹව දැකීම නුඹගේ හඬ ඇසීම නුඹ සතුටින් සිටීම දැකීම පමණමයි... මන්ද මේ සියල්ලන්ගෙන්ම මට දැනෙන සතුට අප්රමානයි... මගේ සිතට නුඹ දැකීම කියන්න බැරිතරම් සිසිලසක් ගෙනදෙනවා... සාමාන්යෙන් ගැහැණු කෙනෙක් දකිද්දී පිරිමි සිතක් ගිනියම් වෙනවා.. එත් නුඹ දකිද්දී ඇයි එහෙම වෙන්නේ කියල නම් මන් දන්නේ නෑ...

මේ පොස්ට් ඔයා කියවා තේරුම් ගැනීම පමණක් ප්රමාණවත්.... වෙනත් ප්රතිචාර නම් එපා.. සුදු මැණික ඔයාට හදවතින්ම බුදු සරණයි...
Share:

සුදු මැණිකේ ඔයා දන්නවද මන් මෙච්චරටම ඔයා දකින්න ආස කරන්නේ ඇයි කියලා...

 මම හිත් වලට කතාකරන්න පුළුවන් article ලියන්න තරම් මන් දක්ෂ නෑ ... එත් මගේ සත්ය කතාව මේ විදියට කියනවා.. කෙටියෙන්....

මට මගේ ජීවිතේ පොඩිකාලේ දෙමාපියන්ගෙන් ලැබුන ආදරේට පස්සේ මම ආදරයක් අද දක්වාම ලබල නෑ... අඩුම ගානේ මගේ wife ගෙන් වත්... එක නිසා මම හිතන් හිටියේ ආදරේ කියන්නේ පට්ටපල් බොරුවක්.. ඒක රැවට්ටවීමට පාවිච්චි කරන tricks එකක් කියල... මම හරි ආසයි මාව විශේෂ කරලා සලකනවට... කොහොම උනත් එකට ඉතින් පින තියෙන්න ඕන...

එත් එක දවසක මගේ ජීවිතේට ආපු කෙනෙක් මට ගාල්ලේ bus stand එක උඩ තට්ටුවේදී... බත් කටවල් තුන හතරක් කැවුවා... කතා බහත් ගොඩක්ම මගේ හිතට සංවේදී උනා.. මට මගේ ජීවිතේ මෙච්චරටම සෙනෙහසක් ලැබුවේ නෑ... මගේ හිතට එක දරාගන්න බැරි උනා...

එත් ඒ වෙනකොට මට මගේ දුවෙක් හිටියා.. ඒකිගේ ඇහැට කදුලක් දෙන්න මට බැරි නිසා මම මගේ සතුට ගැන හිතුවේ නෑ... ඒ ආදරණීය කෙල්ලව මග හරින්න උත්සාහ කළා... එයාටත් ඒ වෙනකොට පුතෙක් හිටියා.. මන් දන්නවා.. කවදාවත් තමන්ගේ අම්මගෙනුයි තාත්තගෙනුයි ලැබෙන ආදරේ සෙනෙහස වෙන අම්මෙක්ට වත් තාත්තෙක්ට වත් දෙන්න බෑ කියල... එක තමයි විශ්ව පොදු ධර් මතාව... කෙසේ උනත් එයාට එයාගේ මහත්තයව එපා වෙලා හිටියේ... හේතු ගණනාවක් නිසා... කාලය ගෙවිල ගියා...

දිනක් එයා මට call එකක් අරන් කිවුව එයාට හොඳ කෙනෙක් හම්බ උනා කියල.. එයා ඔයාට වඩා ගොඩක් හොදයි..කියල.. කිවුව.. එක නිසා එයා මට එන්න කිවුව.. මන් එයාට දීපු දෙයක් නැවත මට බාර දෙන්න.. එදා එයා මට වැඳලා මගෙන් සමු ගත්තා.. අනේ දෙයියනේ... මට ආදරේ ගෙනාපු සුදු මැණිකේ යන්න ගියා... ඒ වෙලාවේ මගේ හිත ඇතුලට පට්ටම දුකක් ආව... මගේ හිත හයිය නිසා එක දරාගත්තා... මට කවදාවත් ගැහැනියක් මෙච්චරටම ආදරේ කරලා නෑ... මොනවා උනත් මන් ඇයට හදවතින්ම සුබ පැතුවා... සතුටක් තියෙන ඇයගේ බලාපොරොත්තු ඉටුවෙන ජීවිතයක් ලැබෙන්න කියලා...

එත් මන් දන්නවා සමාජයේ තත්වය... එක නිසා මන් ඇය ඉන්න ගෙදර හොයාගෙන ගියා.. එත් මට හොයාගන්න බැරි උනා.. දින 6 ක් 7ක් මන් මගේ බයික් එකෙන් හෙවුවා... අවුවට වැස්සට දෙකම නොතකා.. ඒ අසරණ කෙල්ලව හොඳින් ඉන්නවද කියල බලන්න.. අවසානෙදි ගෙදර හොයාගත්ත... එත් මට අවසර නෑ එයාට පේන්න වත් ඉන්න.. එත් මන් ඇතින් ඉඳන් මට පේන දේ අනුව මන් ඇයට කරදරයක් නැතුව ඉන්නවා කියල බලාගත්ත..

මම ඇයව බලන්න ගියත්.. සති තුනකින් හතරකින් විතර ඇය ගෙදර හිටියේ නැ... මන් දැනගත්ත එයා ගාල්ලේ ගිහින් කියල... මට එයාව දකින්න නැතුව ගොඩක්ම දුකක් ආව.. අනේ ඒකිව හොඳින් ඉන්නවද කියල...

ඊට පස්සේ සති කීපයකට පස්සේ එයා ගෙදර ඉන්නවා දැක්ක... එයාගේ පුතත් එක්ක.. මගේ හිතට ප්රශ්න ගණනාවක්ම ආව.. එයි සුදු මැණිකේට කරදරයක් වත් වෙලාද කියලා... එත් ඒ ගැන දැනගන්න මට අවසරයක් තිබුනේ නැ.. ඉවසන්න බැරිමතැන මන් එයාට call කළා... එයා answer කලේ නෑ... cut කළා.. එකට මට ගොඩක් දුකක් දැනුණා.. එයාට මාව එපා වෙලා ඇති කියලා... තවත් දවසක් call ගත්ත.. phone වැඩ කලේ නෑ.. එත් මන් සතියකට වතාවක් හරි එයාගේ ගෙදර ලඟින් ගියා.. ගෙදර පෙන්න කිසි කෙනෙක් හිටියේ නෑ...

දිනක් මට internet එකෙන් එයාගේ number එකක් හොයාගත්ත.. මන් එකට call ගත්තා.. එත් මට බයයි එයා මට බනීවිද කියල.. එක නිසා මන් cut කරලා දැම්ම.. පසේ එයා මට call එකක් අරන් වෙච්ච දේ කෙටියෙන් කිවුව.. දැන් එයා එයාගේ කලින් මහත්තයත් එක්ක ඉන්නවා කිවුව.. ඒකනිසා call ගන්න එපා කිවුව.. කොහොම වුනත් මට ඒ වෙලාවේ නම් ගොඩක් සතුටක් ආව.. මොකද එයාගේ කොලු පැටියට ආයිත් තමන්ගේ තාත්තව ලැබුන එකට.. එදායින් පස්සේ මන් එයාගේ ගෙවල් පැත්තෙන් ගියේ නෑ...

මාස කීපයක් යනකොට මට මගේ හිතත් එක්ක සටනක් කරන්න උනා...මට තේරුණා මම මගේ ජීවිතේ ගොඩක් පස්සට ගිහින් කියලා.. මම කරපු software development වැඩයි web designing වැඩයි ඔක්කොම නැවතුනා.. රජයේ රැකියාවෙන් එන පඩිය විතරක්ම උණා.. මන් දිනෙන් දිනම මනසින් වැටිලා.. මට ගොඩගන්න බැරි තරමටම වැටිලා.. අනේ දෙයියනේ මට සුදු මැණිකේගේ මුණ දකින්නවත් තිබුන නම් කියන තරමටම මන් මානසිකව වැටුනා... මන් මගේ දුක නිවාගන්න මන් විවිද දේවල් කළා.. බැරිමතැන මන් එයාවෙනුවන් සින්දු පවා හදන්න උනා.. කවදාවත් සින්දුවක් කටින් කියන්න බැරි උන මම විරහ ගීත සොයන්න ගත්ත.. අනේ මන්දන්නේ නෑ මන් දැන් පිස්සෙක් වෙලාද කියල... ඉතින් මම සතියකට වතාවක් වත් මට සුදු මැණිකේ ව දකින්න ගියා.. එයාට නොපෙනෙන්න මන් එයාගේ දිහා බලන් හිටියා එයාගේ මහත්තයත් එක්ක job එකට යනවා එනවා..

මම කාලෙකට පස්සේ සුදු මැණිකේ ත් එක්ක කතා කරන්න අහම්බෙන් ලැබුන.. දැන් එයා ගොඩක් ශක්තිමත් වෙලා.. එයාට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා... මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියල මන් කිවුව... එදා ඔයා මාත් එක්ක වචන කීපයක් වත් කතා කරපු එකට ගොඩක්ම පින්... මට ගොඩක් සතුටක් ආව.. කාලෙකට පස්සේ එයාගේ කටහඩ ඇහුන නිසා..

ඊට පස්සේ සතියෙත් එයාව බලන්න ගියා එයාට නොපෙනෙන්න... එදාත් එයාගේ මහත්තය එවිත් තිබුනේ නෑ.... මගේ හිතට ආයිත් ප්රශ්නයක් එවිල්ල... ආයිත් මහත්තයත් එක්ක ගැටුමක්ද කියල.. එදා එයා town එකට තනියෙම පයින් ගියා.. මට එයාගේ ලොකු වෙනසක් පෙනුනා... ආයිත් අලුත් ගමනක්.................අනේ මන්ද... එදා මට සැක ආපු නිසා මන් එයාගේ පස්සෙන් ගිහින් ඇහුවා කොහෙද මේ යන්නේ කියල.. ඒ සමගම එයාගේ හිතේ තිබුන යම් දෙයක් නිසා මට බැන්නා.. ඔයාගේ මනස තාම develop වෙලා නැද්ද කියලා... අනේ එකට නම් මට රිදුනා... ඔවු මැණිකේ මම පිස්සෙක් වෙලා...

සුදු මැණිකේ වෙත…..
අනේ රත්තරනේ… කාගෙන් වත් ඔයාට ඔයා බලාපොරොත්තුවෙන සතුට ලැබෙන්නේ නෑ... ඔයා ඉන්දියාවේ ගියත් ඔයාගේ ප්රශ්නෙට පිළිතුරු නෑ.. මොකද ඔයා දරුවෝ දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්... අනේ වැඳලා කියන්නම් ඔයාගේ මහත්තයාගේ යටතේම ඉන්න... දරුවෝ දෙන්න වෙනුවෙන්... අනේ රත්තරනේ fb වලින් වත් සමාජ ජාල අඩවි වලින් නම් සහනය හොයන්න එපා...

අනේ රත්තරනේ තව දෙයක් මන් සතියකට වතාවක් ඔයා බලන්න ආව කියල මට බනින්න නම් එපා... ගොඩක් රිදෙනවා... මන් ආසයි ඔයා ඔයාගේ මහත්තයත් එක්ක බයික් එකෙන් යනවා බලන්න... පුළුවන් නම් මාව දැක්කොත් අවංක හිතකින් මාත් එක්ක පොඩ්ඩක් හිනාවෙලා යන්න... ගොඩක්ම පින් ඔයාට එකට... මොකද මේ පිස්සා හැම සතියට වතාවක් එනවා ඔයාගේ හිනාව බලල යන්න.. මොකද එක ලොකු බෙහෙතක් මට ආයිත් මට වැටුන වලෙන් ගොඩට එන්න..

මට ඔයාවගෙ කෙනෙක් ලැබුන නම් මන් අද ගොඩක් ජීවිතේ ජයගෙන... අද වගේ පාරක් පාරක් ගානේ බලන් ඉන්නේ නෑ.. වෙන අයගේ පවුල් දිහා බල බල.. මතු ආත්මයකදී වත් මට නුඹේ වෙන්න පෙරුම්පුරන්න අවසර නැත්නම් මේ පොස්ට් එකට comment එකක් දාල යන්න...
All reactions:
1

Share:

Search This Blog

Blog Archive

Powered by Blogger.

මන් නුඹට පට්ටම ආදරෙයි..

  සුදු මණික මන් නුඹට මගේ පාළුව මකා ගන්න කතා කරනවා නම් නෙමෙයි... අනිත් අය ගානට මාව දන්නා එක හරි නෑ නේද... ඔයාට මතකද ඔයා duty ගිහින් දිනක් රැ ...